දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්‍ෂණ වැඩසටහනක්

Share

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුල සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර ඇත.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ අප්‍රියෙල් මස 09 වන දින සිට 15 දින දක්වා මෙම වැඩසටහන පැවැත්වෙන බවය.
මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍රලත් ස්ථාන අඛණ්ඩ අධීක්ෂණයට ලක්කිරීමටත්, මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථානයන් වැටලීමට සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්හට උපදෙස් ලබා දී තිබේ.
වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම ඒ ඒ සුරාබදු කොට්ඨාශ භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්හට සහ ඒ ඒ සුරාබදු මණ්ඩල භාර සුරාබදු අධිකාරිවරුන් හට පවරා ඇති අතර, සුරාබදු මූලස්ථානය මගින් එම වැඩසටහනෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ඇත.
මෙම වැඩ සටහන සාර්ථක කරගැනීම සදහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කර සිටී.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන අංක භාවිතා කරමින් තොරතුරු ලබාදෙන ලෙස ඉලීමක් කරනු ලැබේ.
දුරකථනය: 0112 –045 077
ෆැක්ස්: 0112 –877 882
විද්‍යුයත් ලිපිනය:‍ oiccrime@excise.gov.lk

Read more

Local News