මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය කුරුණැගල, බිංගිරිය ඓතිහාසික දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී

Share

ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණැගල, බිංගිරිය ඓතිහාසික දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

”දැමුණු සිත සුව ගෙන දේ” යන තේමා පාඨය මුල්කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වේ.

2018 අප්‍රේල් මස 26 දින සිට මැයි 2 දින දක්වා වන ”වෙසක් සතිය” ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවටත්, අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් තිරසර සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් වැඩසටහන් රැසක් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.

Read more

Local News