ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රීම රසකාරක භාවිතය වෙනුවට දේශීය කුළුබඩු භාවිතා කරමු

Share

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පැවසුවේ, උදාවන සිංහල අලුත් අවුරුද්දේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රීම රසකාරක භාවිතය වෙනුවට දේශීය කුළුබඩු ඇසුරෙන් සැකසූ ස්වභාවික රසකාරක යොදා ගැනීමට පෙළඹිය යුතු බවයි.

අතීතයේ විසු අපේ මුතුන් මිත්තෝ ආහාර කල් තබා ගැනීමටත්, එම ආහාර රසවත් කර ගැනීමටත්, ඖෂධයක් ලෙසටත්, එමෙන්ම සුවදකාරකයක් ලෙසටත් මෙම දේශීය කුළුබඩු භාවිතයට ගෙන තිබේ.

සිංහල දමිළ අලුත් අවුරුද්ද එළඹිමත් සමඟම ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රීම රසකාරක වැඩි වශයෙන් භාවිත කිරීමට වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව පෙළඹි සිටිති. එය ඔවුන්ගේ නීරෝගී බවට ඉතා හානිදායක වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය. අලුත් අවුරුද්ද එළඹිමත් සමඟ එදා අපේ සාම්ප්‍රදායික ගෘහණිය කල්වේලා ඇතිව මුළුතැන්ගෙට අවශ්‍ය කුළුබඩු සකස් කරගත් අතර එය පවුලේ නීරෝගිභාවයට මහත් රුකුලක් විය.

කෘත්‍රීම රසකාරක භාවිත කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු විවිධාකාර වු බෝ නොවන රෝගාබාධ වැළදිමේ වැඩි ප්‍රවනතාවක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

එසේම පාරම්පරික දේශීය සරල ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට බලපා ඇති බවද අපගේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් මිඳීමට හැකියාව ලැබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News