හබරණ සිදුවූ රිය අනතුරකින් 16 දෙනෙකුට තුවාල

11

හබරණ මොරගස්වැව ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් 8 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙයි.

අද (11) මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පොලොන්නරුව සිට කල්මුණේ දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයකි.