භාණ්ඩ මිලදීගැනීම සඳහා වෙළෙඳපොළට සැලසුම් සහගතව යන්න – පාරිභෝගික සේවා අධිකාරිය

Share

පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවේ මෙම උත්සව සමයේ දී භාණ්ඩ මිලදීගැනීම සඳහා වෙළෙඳපොළට යාමේ දී සැලසුම්සහගත ලෙස මිලදීගත යුතු භාණ්ඩ ලැයිස්තුවක් අතැතිව වෙළෙඳපොළෙ වෙත යොමු වන්නැයි ද එසේ නොමැතිනම් කූඨ වෙළෙඳ උපක්‍රමයන්ට හසුවිමට ඉඩ ඇති බවයි.
විශේෂයෙන් කල් පවතින භාණ්ඩ මිලදී ගැනීමේ දී පසුගිය කාලයේ පැවති මිල ගණන් පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් භාණ්ඩ මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන් ම බිල්පතක් ලබාගැනීමට කටයුතු කරන්න යැයි ද ඉල්ලා සිටින ඒ මහත්මිය ආහාර මිලදී ගැනීමේ දී මිල, නිෂ්පාදිත දිනය, බර පරිමාව පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
1977 පාරිභෝගික සේවා අධිකාරියේ ක්ෂණික දුරකථන අංකයට හෝ දිස්ත්‍රික් කාර්යාල සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක කේත අංකයක් යොදා 7755455 අමතා පාරිභෝගික සේවා අධිකාරිය අමතා මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න යැයි ද කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Read more

Local News