පළාත් කිහිපයකට ඉදිරි පැය 6 ක පමණ කාලය තුළ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඉදිරි පැය 6 ක පමණ කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද ඔවුන් දැනුම්දෙයි.

Read more

Local News