අලුත් අවුරුද්දට පෙර අලුත් කැබිනට් මණ්ඩලයක් – රාජිත සේනාරත්න මහතා

Share

සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ එක නායකයෙක්, එක වැඩපිළිවෙළක් සහ එක රජයක්’ තේමාව යටතේ ඉතා ශක්තිමත්ව යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවයි.

එසේ වුවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අලුතින් ම තෝරා පත් කර ගන්නා කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීම ස්ථිර බවද ඇමැතිවරයා සඳහන් කරයි. ‍අලුතින් පත් කෙරෙන කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ විශාල වෙනසක් සිදුනොවූවද, ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් හි නව වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් හයදෙනා පිළිබඳ තීන්දුව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ඇති බවත්, යම් ලෙසකින් ඔවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වන්නේ නම් ඒ වෙනුවට පත් කෙරෙන නව ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ම පත් ‍වනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

Read more

Local News