මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවූ ජාතික මදුරු මර්දන සතිය සාර්ථකව අවසන් වෙයි

Share

නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වලක්වා ගැනීමේ අරමුණින් ජාතික මදුරු මර්දන සතිය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය.

ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි 2018 අප්‍රේල් 03 – 09 දක්වා ක්‍රියාත්මකවූ ජාතික මදුරු මර්දන සතිය ඉතා සාර්ථකව නිමකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික මදුරු මර්දන සතිය ස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඳහා දිනකට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සාමාජිකයන් 10,000ක් පමණ සිය සහභාගීත්වය ලබාදුන් අතර, එම කණ්ඩායම් විසින් මෙම සතිය තුළදී පරිශ්‍ර 463,827 පරීක්ෂාවට ලක්කර ඇත.

මෙහිදී පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්තශාලා, වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන මදුරුවන් බෝවිය හැකි සහ මදුරු කීටයන් සහිත වැඩි අවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.

Read more

Local News