නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාරදෙති

Share

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

මොරොක්කෝව, ඔස්ටි්‍යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය, ටැන්සානියාව යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

  1. Mr. Mohamed Maliki  –   Ambassador – designate of the Kingdom of Morocco
  2. Mrs. Brigitte Oppinger Walchshofer – Ambassador – designate of the Republic of Austria
  3. Mr. Sheikh Ahmed Hamad Al Mualla – Ambassador – designate of the United Arab Emirates
  4. Mr. Adam Burakowski – Ambassador – designate of the Republic of Poland
  5. Mr. Baraka Haran Luvanda –  High Commissioner – designate of the United Republic of Tanzania

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Read more

Local News