ඉන්දීය කාන්තාවක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Share

ඉන්දියාවේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියන් ජාතික කාන්තාවක් මෙත්ඇම්පියමින් (අයිස්) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද (12) අළුයම 01.19 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපල මගීන් පැමිණීමේ පර්යන්තයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
සැකකාරිය වයස අවුරුදු 31ක් වූ ඉන්දීය කාන්තාවක් වන අතර ඇය අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News