ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 12 ක් අද සිට

Share

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ, අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 12 ක් අද (12) සිට ධාවනයට එක් කෙරෙන බවයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ දුම්රියක් ධාවනය කෙරේ.
පස්වරු 01ට කොටුවේ සිට යාපනය දක්වාත් පස්වරු 6.50 ට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනය කරනු ඇත.
පස්වරු 1.05 ට කොළඹ කොටුව සිට මහව සන්ධිය දක්වා ද දුම්රියක් ධාවනය කරනු ලැබේ. පස්වරු 5.30 ට මහව සන්ධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතය.
මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් පෙරවරු 9.20 ට සහ පෙරවරු 11.50 ට ධාවනය කෙරෙනු ඇත. පස්වරු 9.30 ට ගාල්ල සිට මරදාන දක්වා ද දුම්රියක් ධාවනය කෙරේ.
හෙට සිට පස්වරු 7 ට මාතර සිට මරදාන දක්වාත් පස්වරු 2.55 ට මරදාන සිට මාතර දක්වාත් දුම්රිය දෙකක් ධාවනය කරනු ලැබේ.
පස්වරු 1.15 ට සහ පස්වරු 5.55 ට ගාල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.
මෙම අලුත් අවුරුදු විශේෂ සේවා දුම්රිය ධාවන කටයුතු ලබන 17 වනදා තෙක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News