අංගොඩ ලොක්කාගේ ප‍්‍රධාන ගෝලයකු වන පෙතියාගොඩ සංඛ අත්අඩංගුවට

Share

ප‍්‍රබල පාතාල සාමාජිකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ කි‍්‍රයාකාරකම්වල නිරත ප‍්‍රධාන ගෝලයා වන ‘‘පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා බලන්ගොඩ, පින්නවල, ප‍්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බාප්පා සහ අපරාධ වලට සම්බන්ධ තවත් සැකකරුවෙක් වන තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජොනී නැමැත්තා ද සිටි බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read more

Local News