රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

Share

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (12) විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව එතුමා වෙනුවෙන් සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කෙරිණි.

1984 වර්ෂයේදී 12 වන නිලධාරී බඳවා ගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සරත්සේන මහතා මීට පෙර නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, දකුණු නාවික විධානය භාර ආඥාපති, අධ්‍යක්‍ෂ ‍නාවික මෙහෙයුම් සහ නැගෙනහිර නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති ආදි වූ නාවික හමුදාවේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.

Read more

Local News