“සරු දිවියට කෘෂි සවිය” කෘෂි කාර්මික ප්‍රදර්ශනය මෙම මස 25,26,27 තෙදින පුරා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව  ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන “සරු දිවියට කෘෂි සවිය” කෘෂි කාර්මික ප්‍රදර්ශනය මෙම මස 25,26,27 තෙදින පුරා කළුතර බෝඹුවල කෘෂි කාර්මික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පසුගිය සමයේ ඇති වූ නියඟය සහ ගංවතුර ආදී ස්වභාවික ආපදා හේතුවෙන් මෙරට වී නිෂ්පාදනයෙන් 50%කටත් වඩා ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්,  එසේ බිඳ වැටුණු කෘෂි කර්මාන්තය නැවත නඟාසිටුවීම පිණිස ගොවීන් දිරිමත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය කෘෂි කාර්මික දැනුම ප්‍රායෝගිකව ලබා දීමටත් මෙම ප්‍රදර්ශනය මඟින්  බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසීය.

මෙමම ප්‍රදර්ශනය අක්කර 18ක් තුළ ඉදි කරන ලද ප්‍රදර්ශන කුටි 31කදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, ධීවර, සතත්ව පාලන සහ වාරිමාර්ග අමාත්‍ය‍ංශය ආදී අමා‍ත්‍යංශ මඟින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි මෙහිදී දැකබලාගත හැකි බවත් ප්‍රදර්ශනය අවසන්වන දිනයේදී (27) බෝඹුවල කෘෂි කාර්මික මධ්‍යස්ථානයේ ඉදිකළ දෙමහල් ශ්‍රවණාගාරය විවෘත කිරීමේ  උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල තුමාගේ ප්‍රධානත්වනයෙන් සිදුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි. යූ. මෙන්ඩිස්, පළාත් සත්ත්ව නිෂ්පාදන අධ්‍යක්ෂ කේ.කේ.සරත් ආදී මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Read more

Local News