චීනයේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් අලුත් අවුරුද්ද සමරයි

Share

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමින් විශේෂ වැඩසටහන් රැසක් චීනයේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් මෙම වැඩසටහන වර්ණවත් විය.

නව අවුරුදු උදාවේ දී සිදුකරන සියලු චාරිත්‍ර සිදුකරමින් ආරම්භ කළ මෙම උත්සවය චීනයේ , ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබුවේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්.

චීනයේ රැකියාවේ නිරත, අධ්‍යාපන කටයුතු වල නිරත මෙන්ම විවිධ වැඩසටහන් සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් 500 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක් විය.

අවුරුදු තරඟ සදහා චීන ජාතිකයින් මෙන්ම තවත් විවිධ රටවලින් පැමිණි පිරිස් ද සහභාගී වීම විශේෂත්වයකි.

මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා “චයිනා ශ්‍රීලංකා යූත්,, නැමැති චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංගමය එක්වයි.

Read more

Local News