බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී එකම පවුලේ සිවු දෙනෙකුට බරපතළ තුවාල

Share

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේදී අද (16දා) උදෑසන බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි.

කොළඹ සිට හම්බන්තොට බලා යමින් සිටි බස් රථයක් හා හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ති‍බේ.

අනතුරට පත් ත්‍රිරෝද රථයයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එහි ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා සිටිති.

හම්බන්තොට පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News