ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙයි

Share

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම උත්සවය සංවිධානය කර තිබුණි. අත්තනගල්ල රජමහා විහාරාධිපති පුජ්‍ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිසතෙල්ගෑම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ඒ.එච්.එම් ෆවුසි, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න මහතා, ආයුර්වේද කොමසාරිස් සුභාෂිනී කුලතුංග මුදලි මහත්මිය, ගම්පහ දිස්ත්‍රීක් ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Read more

Local News