අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ ඉහළම ආදායම – රුපියල් කෝටි තුනක්

Share

අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන තිබේ.
අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ එදින වාහන 105,000 ක් පමණ අධිවේගී මාර්ගවලට ඇතුල් කර ඇති අතර එයින් වැඩි ප්‍රමාණය කොළඹින් පිටව යන වාහන වූ බවයි.
14 වැනිදා සවස් භාගයේ විශාල වාහන තදබදයක් පැවති අතර පැය කිහිපයක් තුළ වාහන 40,000 කට වඩා අධිවේගී මාර්ගයට පැමිණිම මෙම තදබදයට හේතුවී අැත.
එසේම 15 වැනිදා ද වාහන 80000 කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත. එයින් දෙකෝටි අනූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබිමට සමත්ව තිබේ.

Read more

Local News