ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි ශ්‍රී ලංකාවේ සංචාරයක

Share

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම ඉරාන කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිතය.

Read more

Local News