සිරියාවේ රසායනික ප්‍රහාර එල්ල වූ ස්ථාන සංචාරය කිරීම සඳහා රසායනික අවි පර්යේෂකයන්ට අවසර

Share

සිරියාවේ රසායනික ප්‍රහාර එල්ල වූ බව පැවසෙන ස්ථානයේ සංචාරය කිරීම සඳහා රසායනික අවි පිළිබඳ පර්යේෂකයන්ට හෙට (18) අවසර ලැබෙනු ඇති බව රුසියාව පවසයි.

රසායනික අවි පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර කණ්ඩායම පසුගිය සෙනසුරාදා සිට සිරියාවට ගොස් සිටින නමුත් ඩුමා නගරයේ සංචාරය කිරීමට මෙතෙක් අවසර නොලැබිණි.

අප්‍රේල් 07 වෙනි දින එල්ල වූ ප්‍රහාරයෙන් සතියකට පසු සිරියානු ආණ්ඩුවේ ඉලක්ක වෙත ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය හමුදා ප්‍රහාර එල්ල කළහ.

සිරියාව සහ එහි මිත්‍ර පාර්ශවය වන රුසියාව, රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති. රුසියාව විසින් එය හඳුන්වනු ලැබුවේ ”සැලසුම් සහගත දෙයක්” ලෙසය.

Read more

Local News