ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය ලංකාවෙන්

Share

ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීහු සමත්ව සිටිති.

මෙම කේක් ගෙඩිය සැකසීම සඳහා අර්තාපල් බහුලව යොදාගෙන ඇති අතර, මෙම කේක් ගෙඩිය මීටර් 111ක දිගකින් හා කිලෝ 380ක බරකින් යුක්ත වේ. ඒ සඳහා රුපියල් තුන්ලක්ෂ දසදහසක පමණ මුදලක් වැය වී ඇතැයි පැවසේ.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය එළිමහනේ සකසා තිබූ මෙම විශාල අර්තාපල් කේක් ගෙඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 දින පැවැති උත්සවයකදී එළිදැක්විණි.

සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම සහ අර්තාපල්වල අගය වැඩි කිරීම මුල් කරගනිමින් මෙම අර්තාපල් කේක් ගෙඩිය සැකසීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් පියවර ගෙන තිබිණි.

Read more

Local News