විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වර්ජනය පිළිබඳ අවසන් තීරණය අද

Share

විදුලි අර්බුදය සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ වීමට නියමිත විදුලිබලමණ්ඩල ඉංජිනේරුවන්ගේ වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීන්දුව අද (17දා) ගැනීමට නියමිතව තිබේ.

මේ මස 20 වැනිදා හෝ ඒ ආසන්න දිනක සිට අඛණ්ඩව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත ඇති බව ඉංජිනේරු සංගමය විසින් පවසයි .

ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා අද රැස්වීමට සැලසුම් කර තිබෙන අතර, අද ගන්නා තීරණ හෙට (18දා) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

 

Read more

Local News