පළාත් කිහිපයකට සවස 2.00 න් පසු වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දකුණ, නැගෙනහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. සමහර ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණුසහ මධ්‍යම පළාත්වල මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Read more

Local News