පෙර පාසල් 42කට සනීපාරක්ෂක ජල පෙරණ යන්ත්‍ර බෙදා දෙයි

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විමධ්‍යගත ප්‍රතිපාදන මත පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් 42 කට අවශ්‍ය සනීපාරක්ෂක ජල පෙරණ යන්ත්‍ර බෙදාදීම, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“වර්තමානයේ පෙර පාසල් සඳහා සුදුසු ස්ථානයක් නොලැබෙන බවට චෝදනාවක් තිබෙනවා. පෙර කාලයේ තිබුනේ මොන්ටිසෝරි සංකල්පයයි. මොන්ටිසෝරි මැතිණිය විසින් තමයි එම සංකල්පය දායාද කළේ, පැවැති අධ්‍යාපන ක්‍රමයට විකල්ප ක්‍රමයක් ලෙස. උගත්කමට වඩා බුද්ධිය ඉතා වැදගත් වෙනවා. උගතුන් සිටියත් බුද්ධිමතුන් ඉතා අවමයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා එයට හොදම උදාහරණයයි. සාමාන්‍ය පෙළවත් සමත් නොවී හෙළයේ මහා ගත් කතුවරයා වුනා. පරිණාමවාදය දක්වා පොත පත රචනා කළා. මොන්ටිසෝරි මැතිණියගේ අධ්‍යාපන ක්‍රමය දිගටම තිබුනා නම් පොතේ ගුරාලා බිහි වන්නේ නැහැ. මහාචාර්ය පට්ටම් ලබාගෙන එය දේශපාලනයට යොදා ගන්නවා. මම වෛද්‍යවරයෙක් වගේම දේශපාලනය ද හදාරා තිබෙනවා.

අද සමහරු හිටපු ගමන් කියනවා, ආචාර්ය මහාචාර්ය කියලා. කොතරම් හොද වැඩ කළත් සාමාන්‍ය ජනතාව සමග ගවේෂණය කළ යුතුයි. වර්තමානයේ පොඩි දරුවන්ට පවා පෞද්ගලික පන්ති, විභාග තිබෙනවා. මොන්ටිසෝරි මැතිණියගේ අධ්‍යාපන ක්‍රමය බුද්ධිමතුන් බිහි කිරීමයි. එතුමියගේ අභාවයත් සමග මෙම සංකල්පය ද අභාවයට ගොස් පෙරපාසල් සංකල්පය බිහි වුනා. නමුත් ජපන් අධ්‍යාපන ක්‍රමයෙන් බුද්ධිමතුන් බිහි වෙනවා. කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන එක ඉතාම අමාරුයි. ඉවසීමෙන් ඉගැන්විය යුතුයි.

පෙරපාසලේ සිට පෞද්ගලික අධ්‍යාපනයට දරුවන් යොමු කරන්නේ දෙමාපියන් විසින්. දරුවාට සිතන්න දෙන්නේ නැහැ. යන්ත්‍රසුත්‍ර වගේ හදනවා. තැටියක රොටියක් හදනවා වගේ තමයි දරුවන් හදන්නේ සමාජ දර්ම ඉගනගන්න ලැබෙන්නේ නැහැ. එම නිසා පෙරපාසල් අධ්‍යාපනය තවත් ශක්තිමත් කළ යුතුයි.”

Read more

Local News