යාපනය ධීවරයන් පිරිසකට අධික වටිනාකමකින් යුත් මත්ස්‍ය අස්වැන්නක්

Share

යාපනය, වඩමාරච්චි ප‍්‍රදේශයේ ධීවරයන් පිරිසකට ඊයේ (17දා) රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික වටිනාකමකින් යුත් මත්ස්‍ය අස්වැන්නක් ලැබී තිබේ.

මෙම ධීවරයන් පිරිසට මෙසේ එක් දිනක් තුළ මෙතරම් විශාල මත්ස්‍ය අස්වැන්නක් හිමි වූ ප‍්‍රථම අවස්ථාව බවද සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ දැල්වලට එදින මසුන් 20,000කට අධික ප්‍රමාණයක් හසුව තිබේ.

මෙම එක් මත්ස්‍යයෙක් කිලෝ ග්‍රෑමයකට අධික බරකින් යුක්ත බවත්, මෙසේ දැල්වලට හසුව ඇත්තේ පරා මත්ස්‍යයන් බවත් ධීවරයෝ පවසති.

Read more

Local News