ත්‍රීපෝෂ නිෂ්පාදනය 100% ක් යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමට පියවර සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සේවක සේවිකාවන්ට සියයට 10 ක බෝනස් මුදලක් පිරිනැමීම සහ රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකළ පටිවාහක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කදාන ත්‍රීපෝෂ සමාගමේ දී සිදු කෙරිණි.

ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීම සියයට 75 ක් මෙතෙක් සිදු වුයේ යන්ත්‍ර සූත්‍ර මගින් වන අතර ඉතිරි සියයට 35 මිනිස් ශ්‍රමය යොදාගෙන ඇති අතර එය යන්ත්‍ර සුත්‍ර වලට පරිවර්ථනය කිරීමේ අරමුණින් පටිවාහක පද්ධතිය සකස් කර තිබේ.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ත්‍රීපෝෂ සමාගමේ සභාපති එම්.ඩී බන්දුසේන මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, වෛද්‍යවරුන්, සේවක සේවිකාවන් එක්ව සිටියහ.

Read more

Local News