පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ජනපති සහභාගි වෙයි

Share

”තිරසාර සංවර්ධන ඉලක්ක උදෙසා ක්‍රියාකිරීම ව්‍යාපාර, සමාජය සහ රජයන් අනුගත කිරීම’ යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද සහභාගිවීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල වෙළෙඳ වාසි අත්පත් කරගැනීම සඳහා දකුණු ආසියානු කලාපයේ වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත වෙමින්, පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය සඳහා ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නීල ප්‍රඥප්ති මූලාරම්භය තුළ ශ්‍රී ලංකාව විජයග්‍රාහී රාජ්‍යයක් බවට පත්වනු ඇති අතර, අනෙකුත් සාමාජික රටවල් සමඟ සංසක්ත සමුද්‍රීය උපායමාර්ග සකස් කිරීමෙහි නියැලෙමින් නීල ආර්ථිකයක් පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරනු ලබයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් එක්ව පොදු වටිනාකම් නැවත අවධාරණය කිරීම, පොදුවේ මුහුණපා සිටින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සහ විශේෂයෙන් තරුණ කොටස් ඇතුළුව සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම යන කරුණු පිළිබඳව සලකා බැලෙන අවස්ථාවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක රැස්වීම් හැඳින්විය හැකිය.

”පොදු අනාගතයක් උදෙසා” යන තේමාවෙන් ලන්ඩනයේ පැවැත්වෙන මෙම සමුළුව, පොදු රාජ්‍ය මණ්ඩලයේ ශක්තීන් තුළින් ගොඩනැඟීම සඳහා සංවිධානය ගෝලීය අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන බවට සහතිකවෙමින්, වඩාත් සමෘද්ධිමත්, ආරක්ෂිත, තිරසාර සහ සාධාරණ අනාගතයක් තරුණ කොටස් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සියලු පුරවැසියන්ට උරුම කරදීම කෙරෙහි අවධානය යොමු කරයි.

Read more

Local News