ත්‍රීරෝද රථ සඳහා බිල්පතක්, 20 වන දින සිට ක්‍රියාත්මක කරයි

Share

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළ යුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බවයි.

ත්‍රීරෝද රථ සේවාව වඩා ගුණාත්මක කිරීමේ අරමුණින් මෙම නීතිය ගෙන ආ නමුත් වෙළදපොලේ අදාළ බිල්පත් ලබාදිය හැකි මීටර සුලබ වනතුරු මාස 6ක කාලයක් නීතිය ක්‍රියාත්මක නොකර සහන කාලයක් ලබාදුන්නේ ය.

එම සහන කාලය ද අප්‍රේල් මස 01 දින අවසන් වූ අතර අප්‍රේල් 20 වන දින සිට නීතිය බලාත්මක කරන බව සභාපතිවරයා පැවසීය.

Read more

Local News