පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුණු උදෙසා ශ්‍රී ලංකාව කැපවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි

Share

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 25 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති හමුවක දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ,

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමට ශ්‍රී ලංකාව ද පොරොන්දු විය.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවල නිෂ්පාදන හා වෙළෙඳපොළ අවස්ථා සීමිත බැවින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ ය. මෙහි දී අදාළ ගිවිසුම්වලට ඉන්දියාව, මොරිෂස් සහ මෝල්ටාව යන රටවල් ද අත්සන් තැබීය.

Read more

Local News