ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය

Share

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, මේ පිළිබඳ සොයා බැලීමට වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේ වෙසක් හා පොසොන් පොහොය නිමිත්තෙන් ඉදිරියේදී බෞද්ධ ආගමික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක වන බවත්, මේ නිසා අටපිරිකර හා බෞද්ධ කොඩි සඳහා විශාල ඉල්ලුමක් ඇති වන බවත් ය.

බෞද්ධ කොඩිය, දැනට හඳුන්වා දී ඇති ප්‍රමිතියෙන් යුක්තවිය යුතු බවත්, මීට අමතරව අටපිරිකර, තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳනකඩය, පාත්‍රය, බඳ පටිය යන භාණ්ඩ නිෂ්පාදකයන් හා වෙළෙඳුන් සිය ආයතන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා තිබිය යුතු බවත් ඔහු පවසා සිටියේය.

Read more

Local News