විදුලිබල මණ්ඩල ඉංජිනේරු වර්ජනය මැයි 08 වැනිදා දක්වා කල්දමයි

Share

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කළේ මහා සංඝරත්නයේ දැඩි ඉල්ලීම් නිසා මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මැයි 08 වැනිදා දක්වා කල්දැමූ බවයි.

20 අවුරුදු අඩු වියදම් ජනන විදුලි සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මේ මස 20 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබූණි.

වෙසක් පොහොය වෙනුවෙන් ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වන බැවින් මහා සංඝරත්නයේ ඉල්ලීමට අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය කල්දැමීමට කටයුතු කර අැත.

Read more

Local News