ඉදිරි පැය 12 ක කාලය තුළ පළාත් කිහිපයකට තද වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 12 ක කාලය තුළ ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඊට අමතරව මන්නාරම සිට කොළඹ, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකියි.

Read more

Local News