පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හිමි කර දුන් බල නැවි ඉන්දික දිසානායක නාවික හමුදාධිපති හමුවෙයි

Share

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බල නැවි ඉන්දික දිසානායක බර ඉසිලීමේ තරඟයෙන් රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, එම සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් ඔහු අද (18) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඇගයීමට ලක් කරන ලදී.

තවද, බල නැවි දිසානායක විසින් දිනා ගත් රිදී පදක්කම නාවික හමුදා ඉතිහාසයේ නාවිකයෙකු විසින් අත්කර ගත් ඉහලම ජාත්‍යන්තර පදක්කම බවට සනිටුහන් වන අතර, එය ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත් කර දීමට සමත් විය.

Read more

Local News