Tuesday, March 19, 2024.

ඉන්දියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

Share

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා ඊයේ (18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි නාවික සම්ප්‍රදායනුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහඳ කථාබහක නිරත විය. එහිදී ඔවුන් උපායමාර්ගික නාවික සම්බන්ධතා ඇතුළු වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි වයිස් අද්මිරාල් කුමාර් මහතා අද (19) දින පැවැත්විමට නියමිත පී 624 නෞකාව අධිකාරියට පත් කිරීමේ උත්සවයේ විශේෂිත අරාධිත අමුත්තෙක් වශයෙන් සහභාගී වීමට ද නියමිතව ඇති අතර, එතුමන් තම සිව් දින නිල සංචාරය නිමා කරමින් අප්‍රේල් මස 20 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

Read more

Local News