Tuesday, March 19, 2024.

විලියම්-කේට් යුවළගේ තෙවැනි දරු උපතට ශාන්ත මේරි රෝහල සියලු කටයුතු සූදානම් කරයි

Share

ඉදිරි දින කිහිපය තුළ සිදු වීමට නියමිත විලියම් – කේට් යුවළගේ තෙවැනි දරුවාගේ උපත සඳහා මේ වන විටත් ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ශාන්ත මේරි රෝහල් පරිශ්‍රයේ වාහන නවතා තැබීම අප්‍රියෙල් 09 වැනි දා සිට 30 වැනිදා දක්වා තහනම් කර ඇත. ඒ අනුව ඒ අවට වාහන නැවැත්වීම හේතුවෙන් රෝගීන්ට පවා පවුම් 130 ක දඩයක් ගෙවීමට සිදු වූ බවට චෝදනා එල්ල වේ.

ජෝර්ජ් කුමරු සහ චාර්ලට් කුමරිය ද උපත ලැබුවේ මෙම රෝහලේ ලින්ඩෝ වින්ග් හි දීය.

පුද්ගලික දරු උපත් සඳහා විශිෂ්ටතම සේවාවක් සපයන මෙම රෝහලේ සාමාන්‍ය දරු උපතක් සඳහා පැය විසි හතරකට පවුම් 5,215ක් අය කෙරේ. එය සීසේරියන් සැත්කමකින් සිදු කරන්නේ නම් අය කෙරෙන ගාස්තුව පවුම් 6,745 කි. අමතර සෑම රාත්‍රියක් සඳහාම පවුම් 1,155ක් ඊට එකතු වේ.

Read more

Local News