විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට

Share

පොලිස් මූලස්ථානය පැවසුවේ දකුණු වෙරළ තීරයේදී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැලිගමදී අවස්ථා දෙකකදී විදේශිකයන්ට පහරදුන් සැකකරුවන් 13ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

පසුගිය 08 දා හා 15 දා මෙම පහරදීම් සිදුව ඇත.

Read more

Local News