මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් හානියට පත් වූවන්ට ඉතා කඩිනමින් වන්දි

Share

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අද (19දා) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,

මීතොටමුල්ල කුණු කන්දේ ඊයේ (18දා) සිදු වූ සුළු ඉරිතැළීම් බරපතළ තත්ත්වයක් නොවන බවත්, පසුගිය වසරේදී මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් හානියට පත් වූ ඉඩම්වලට තවමත් වන්දි හිමි නොවූ පිරිස සඳහා වන්දි ලබාදීම ඉතා කඩිනමින් සිදුකරන බවයි.

එසේම කුණු කන්ද නාය යෑම නිසා විනාශයට පත් වූ වාහන සඳහා වන්දි ලබාදීමට විශේෂ කමිටුවක් පත්කරන බවත්, නිවාස ආධාර ලබාගන්නා පිරිසගේ නිවාස ආධාර ලබාගන්නා කාලය මැයි මස දක්වා දීර්ඝ කරන බවත් ඒ මහතා පැවසීය.

වාහන 40කට පමණ මෙම කුණු කන්ද නිසා අලාභානි සිදුවී තිබෙනවා. එයින් සමහර වාහනවල ලිපි ලේඛණ පවා ඉදිරිපත් කරන්න බැහැ. මේ හේතුවෙන් විශාල පිරිසකගේ ජීවන වෘත්තීන්ට තදබල පහරක් එල්ල වෙලා තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක් මගින් අදාළ තොරතුරු කඩිනමින් ලබාගෙන, අලාභානි වූ වාහන සඳහා වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

Read more

Local News