ඉරාන – ශ්‍රී ලංකා කතානායකවරු අතර විශේෂ සාකච්ඡාවක්

Share

ඉරාන කථානායක අලි ලරිජානි සහ ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිමේ හැකියාව, ඉරානය හා ශ්‍රි ලංකාව අතර බහුලව සිදුවන තේ, පොහොර පෙට්‍රොලියම් ආදී වෙළද කටයුතු, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්‍රි ලංකා අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරිම ආදිය පිළිබඳව මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.

එලඹෙන මැයි මාසයේ සිදුවිමට නියමිත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉරාන සංචාරයේදී එම කරුණු පිළිබඳව තීරණයන්ට එලඹීම සඳහා වැදගත් ප්‍රවේශයක් මෙම සාකච්ඡාවෙන් ඇති කරගන්නට හැකි වූ බව දෙපාර්ශවයේම අදහස විය.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන තේ ගැණුම්කරුවෙකු ලෙස තේ මිලදී ගැනීමේදී පවත්වන ලබන විශ්වාසනීය සබඳතා අගය කළ කථානායක කරු ජයසුරිය මහතා එහිදී තවදුරටත් ශ්‍රී ලංකාවට විශේෂ පහසුකම් සැපයීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට ඉරාන ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ඉරාන කථානායකවරයා සඳහන් කළ අතර, ඒ පිළිබඳව අදාළ අමාත්‍යාංශයන්හි අවධානය යොමු කරවන බවද ශ්‍රී ලංකා කථානායකවරයා පවසීය.

ඉරාන කථානායක අලි ලරිජානි මහතාගේ නායකත්වයෙන් යුත් ඉරාන ධුත පිරිසට ඉස්ලාමිය ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් වන මොහොමඩ් අසුආරී මාසනි, මොහොමඩ් එම් ශානිසින්, නසාර් අප්සාලි, සෙයිලාජේලොඩාසෙඩි, මොහොමඩ් ජේප්රි යන අය ඇතුළු ඉරානයේ ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිහු පිරිසක් ද එක්වූහ.

Read more

Local News