රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට

Share

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (18) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

දින පහක (05) නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 138 ක් සහ පළලින් මීටර් 17 කින් යුත් පෙරේකොප් නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අප්‍රේල් 22 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read more

Local News