ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය නවීකරණයට – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවයි.

”ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛන තවමත් ගබඩා කර තිබෙන්නේ පැරණි ක්‍රමයකට. මේවාට කිසිම ආරක්ෂාවක් නැහැ. ඇතැම් ලේඛන දුර්වර්ණ වෙලා පුස් බැඳිලා කොළ එහෙම ම දිරලා ගිහින්. කොළඹ තමයි ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් ටික තියෙන්නේ. ඒවා පුද්ගලයන් සතු ඉඩම්, සමාගම් සතු ඉඩම් ඇතැම් ඉඩම් සංවිධාන සතු ඉඩම් රජයේ ඉඩම් පවා තිබෙනවා. අපේ ජනතාව තම ජීවිත කාලය පුරා හරි හම්බකරපු උපයපු වටිනාම වස්තුව මේ. නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ මේවා ආරක්ෂා කරන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ගොඩනැගිල්ලේ තත්ත්වයත් ඉතාමත් කණගාටුදායකයි.

එහි දී අමාත්‍යවරයා එම කාර්යාලයේ නිලධාරී නිලධාරිනියන් සමග සාකච්ඡා කළ අතර කාර්යාලය පුරා ඇවිදිමින් අඩුපාඩු සොයා බැලීමට ද කටයුතු කළේය අමාත්‍යවරයා කියා සිටියේ මේ කාර්යාලය නවීන තාක්ෂණය අනුව කඩිනමින් සකස් කිරීමට වහාම පියවර ගන්නා බවයි.

අපි අලුතින් නිලධාරීන් බඳවාගෙන මේ ලේඛන සියල්ල පිරිසිදු කර ඒවා විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කරන්න ඉක්මණින් කටයුතු කරනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ලේ තත්ත්වය ඉතා දුර්වල නිසා නව ගොඩනැගිල්ලකට මේ කාර්යාලය ගෙන යාමටත් අපි ඉක්මණින් කටයුතු කරන්න අවශ්‍යයි. මෙම කර්යාලය ඉක්මණින් නවීකරණය කර ලේඛන සියල්ල නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඒ අවස්ථාවේම අමාත්‍යාංශ ලේකම් එස්.ටී.කොඩිකාර මහතාටත්, රෙජිස්ටාර් ජනරාල් නීල් ද අල්විස් මහතාටත් උපදෙස් දුන්නේය.

මෙම කාර්යාලය වහාම වෙනස් ස්ථානයක ස්ථාපිත කර ලේඛන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ මොහොතේ ම උපදෙස් දුන්නේය.

Read more

Local News