57 වැනි ” මිහිදුම්ගම” උදා ගම්මානය අද ජනතා අයිතියට

Share

නව උදාගම්මාන යටතේ ජනතා අයිතියට පත්වන 57 වැනි උදා ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කිරිගංකුඹුර ” මිහිදුම්ගම” උදා ගම්මානය අද (20) ජනතා අයිතියට පැවරේ.
ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතිනි.
නව නිවාස 24කින් සමන්විත මෙම නව ගම්මානයේ නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලෙස ලබාදී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
මිහිදුම්ගම ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 03කි.
ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 34කි.
සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News