හොරණ කර්මාන්තශාලාවේ කළමනාකාරවරයාව අද අධිකරණයට

Share

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා සහිත විෂ වායුව ශරීර ගත වීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ (19) ජීවිතක්‍ෂයට පත්වු අතර, 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදි.

මෙම සිද්ධියට අදාළව එම කර්මාන්තශාලාවේ වයස අවුරුදු 49ක් වන කළමනාකාරවරයාව ඊයේ අත්අඩංගුවට ගන්නා ලදි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඔහු අද (20) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Read more

Local News