නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපළ අද තාවකාලිකව වසා දමයි

Share

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපළ අද (20) තාවකාලිකව වසා දැමු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මැලේසියානු ගුවන් යානයක් කත්මණ්ඩු ගුවන් තොටුපළට ගොඩබැස්සවීමේදී සිදුවූ අනතුරක් හේතුවෙනි.

එම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තිබූ අතර, පැය කිහිපයක් යනතුරුම එය ධාවන පථයෙන් ඉවත් කර තිබුණේ නැති බවයි සඳහන් වන්නේ.

අනතුර සිදුවන විට කාර්ය මණ්ඩලයේ සහ මගීන් 139 දෙනෙකු එහි රැදී සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුවී නැත.

Read more

Local News