බි‍්‍රතාන්‍ය මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ජනපති එක්වෙයි

Share

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බි‍්‍රතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය 19 දා රාති‍්‍රයේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් මෙම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා එක්ව සිටියහ.

Read more

Local News