ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය

Share

ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වෙයි.

ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේත්, වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල නිසාත්, ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ.

Read more

Local News