ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි

Share

ලන්ඩනයේ කින්ස්බරි ශ‍්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28 ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර දී පවත්වන අලුත් අවුරුදු උළෙලේ මෙවර ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

ලන්ඩන් නුවර හැරෝ ලෙසර් මධ්‍යස්ථානයේ දී මෙම අවුරුදු උළෙල පැවැත්වූ අතර එරට වාසය කරන ශ‍්‍රී ලාංකිකයින් 4000 ක් පමණ අවුරුදු උළෙලට සහභාගී වී සිටියහ.

එම අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ශ‍්‍රී ලාංකීය ජන ක‍්‍රීඩා මෙන්ම සංස්කෘතිය හා බැඳුණු අංග රාශියකින් වර්ණවත් වූ මෙම අවුරුදු උළෙල සංස්කෘතික උළෙලකින් ද සමන්විත විය.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ වෙසෙන සියලු ශ‍්‍රී ලාංකිකයින්ට සුබපැතුම් එක්කළ ජනාධිපතිතුමා, රටක නීතියකට වඩා එරටේ සිරිත් විරිත් හා සම්ප‍්‍රදායන් බලවත් බැවින් හෙළ සිරිත් විරිත් අගයමින් අවුරුදු උළෙල සංවිධානය කර තිබීම පිළිබඳව ඇගයිමට ලක් කළේය.

Read more

Local News