එකමුතු වී සෞඛ්‍ය සේවය ගොඩනගමු – මුදල් රාජ්‍ය අමාත්‍ය

Share

රජයට තිබෙන්නේ වෛද්‍යවරයා මුල්කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොව රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමින් අද (22) පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා  මේ බව පැවසී ය.

ඖෂධ මාෆියාවක් සිදුවන බව දන්නවා. එහෙත්  ඖෂධ වර්ග 48 මිල පහළට ආවා.ඖෂධ ප්‍රතිපත්තියක් අපට තිබෙනවා. වෛද්‍යවරයා මුල්කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොව රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් රජයට තිබෙන්නේ.

අක්ෂි කාචවල මිල පහළට ගෙනාවා. නිදහස් සෞඛ්‍ය සේවය කියන්නේ වෛද්‍යවරයාගේ සේවය පොදු ජනතාවට ලබාදීමයි.වෛද්‍යවරයා තරම් විශ්වාස වන්තයෙන් නෑ. වෛද්‍ය ඒකාධිකාරයට ඉඩ දෙන්න බෑ.  හදිසි ගිලන් රථ සේවය මුළු රටේම ක්‍රියාත්මක කරනවා. සැමට එක හා සමානව සෞඛ්‍ය සේවය ලැබිය යුතුයි. එකමුතු වෙලා අපේ සෞඛ්‍ය සේවය ගොඩනගමු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News