පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළට

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අප්‍රේල් මස 24 වන දින දක්වා (හෙට) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5 – 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං දකුණු දිශාවේ සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිශාවලින් හමයි.

සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News