සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් උදාගම්මානයක්

Share

දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූල්පල්ලම ඉදිකළ සියනෙතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.
ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම නිවාස ගම්මානය ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකොට ඇති අතර මෙම නිවාස ගම්මානය නිවාස 29කින් සමන්විත වේ.
පිරිසිදු පානීය නල ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදාගම්මානය සමන්විත වෙයි.

Read more

Local News