සිරියාවේ රසායනික ප්‍රහාරයකට ලක් වූ ස්ථාන රසායනික අවි පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ පරීක්ෂාවට

Share

සිරියාවේ දමස්කස් නගරය ආසන්නයේ රසායනික ප්‍රහාරයකට ලක් වූ බවට සැක කෙරුනු ස්ථාන රසායනික අවි පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ පරීක්ෂාවට ලක් වී තිබේ.

රසායනික අවි භාවිතය වැළක්වීමේ ආයතනයේ කණ්ඩායමක් ඩුමා නගරය වෙත ගොස් ඇති අතර පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල සහ වෙනත් දෑ එක්රැස් කරනු ලැබ ඇති බවට සඳහන් වෙයි.

පසුගිය අප්‍රේල් 07 වෙනිදා එල්ල වූ බවට සැක කෙරෙන රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බටහිර රාජ්‍යයන් කීපයක් විසින් සිරියානු ආණ්ඩුව යටතේ පාලනය වන ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ වනවිට ඩුමා නගරයේ පාලනය සියතට ගෙන සිටින සිරියාව සහ රුසියාව රසායනික අවි භාවිත කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

Read more

Local News